මෙවර දැවැන්ත මැයි රැළියක් කොළඹදී පැවැත්වීමට පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.මේ වනවිට විශාල පසුබෑමක සිටින පොදුජන පෙරමුණ යලි සංවිධානය කිරීමේ අරමුණෙන් මේ වනවිටත් ගම මට්ටමින් සංවිධාන ශක්තිමත් කරන ලෙස ඔහු විසින් සෑම ආසන සංවිධායකවරයෙකුටම දැනුම් දී ඇත.
මේ පිලිබදව පසුගියදා හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සාකච්චා පවත්වා ඇති අතර එහිදී බොහෝ අය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බවට අදහස් දක්වා ඇත.2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම සංවිධාන කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
එම සාකච්ඡාවට පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර එහිදී පක්ෂයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි සැලසුම් පිලිබදව ද බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔවුන්ව දැනුවත් කර ඇත.පවතින මන්දගාමී තත්ත්වය සමනය කිරීම සඳහා හොදින් සවිධානය වී විශාල මැයි රැළියක් කොළඹදී පැවැත්වීමට එහිදී තීරණය වී ඇත.එහි පළමු වැඩසටහන අද මොනරාගලදී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය වී තිබේ.
මෙම සාකච්චාවේදී ආහස් දක්වා ඇති ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඊලග ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජන බලවේගයට අභියෝගයක් විය හැකි පොහොට්ටු අපේක්ෂකයෙකු පත් කරන බවයි.


