සෞඛ්‍ය වෘත්තීය සමිති පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් අද (08) පෙරවරුවේ සිට පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සංගම් රැසක්ද ඉදිරි දින කිහිපය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

“සෞඛ්‍ය ලේකම් චක්‍රලේකයක් නිකුත් කරලා තියෙනවා උපයපු වැටුපෙන් 15%ක් කපන්න. හැබැයි ජනාධිපතිවරයාගේ චක්‍රලේකයේ තියෙන්නේ 15%ක් ඉතුරු කරන්න. මේවා ගැන කතා කරලා තියෙනවා. උත්තරයක් නැහැ. ඒ නිසා අපිට සිදුවෙලා තියෙනවා හෙට උදේ 8ට වෘත්තියම කණ්ඩායමත් උදේ 6.30ට කණිෂ්ට කාර්යමණ්ඩලයත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. මේක පැය 24ක් සංකේතාත්මකව ක්‍රියාත්මක වෙනවා.”

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා පවසන්නේ ,

“විශ්වවිද්‍යාල පද්ධතිය හෙට අනිද්දායින් පස්සේ සම්පූර්ණයෙන්ම කටයුතු නතර වෙයි. 09 වනදා වෙනකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“13 වනදායින් පස්සේ මේ ක්ෂේත්‍ර 15ම වෘත්තීය සමිති 40ම අය තීරණාත්මක පියවරක් ගන්නවා. 15 වනදා වෙනකොට රටම අඩපණ කරන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්චතම අවස්ථාවට ගමන් කළ යුතු බවට තීරණය කල බවයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *