එළඹෙන මාර්තු මස 20 වනදා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධ ණය වැඩසටහන IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය ට්විටර් සටහනක් තබමින් පවසා ඇත.
එහි තවදුරටත් දැක්වෙන්නේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තම ප්‍රශංසාව පළ කරන බවය.


