බස් රථ දෙකක් ගැටී 22ක් රෝහලට

මැවනැල්ල ගණේගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද (07) සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *