මහා පරිමාණ කුඩු ජාවාරම්කරු දෙමටගොඩ රුවන් රකින්න ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රබලයෙක් ඉදිරියට…. විමර්ශන නිලධාරීන් මාරු කරන තැතක්

මහා පරිමාණ කුඩු ජාවාරම බන්ධනාගාර වල සිට පවා කරගෙන ගිය පාතාල ලෝකයේ ප්‍රබල චරිත අතර දෙමටගොඩ කුඩු රුවන් හා දෙමටගොඩ චමින්ද යන අයියා මලෝ දෙදෙනාට ඇත්තේ ඉහළම තැනකි

දේශපාලන ලෝකයේ මෙන්ම නිතිය රකින ඉහළම නිලධාරීන්ගේ ද සහාය මේ සඳහා මොනවට ලැබෙන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සී.අයි.ඩි පාතාල කෙරුමන්ගේ වත්කම් රාජසන්තක කරන්ඩ පටන් ගත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය ඇරඹීමත් සමගය.

එහි නිලධාරීන් කුඩු ජාවාරම් කරුවන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් බලය පයිසෙකට ගණන් නොගෙන වත්කම් රාජසන්තක කරන්නට මාස ගණනක සිට කල මෙහෙයුම මත්කුඩු ජාවාරමුන්ට මරු පහරක් බඳු විය. ඉන් වැඩිම හානිය දැනට සිදු වී ඇත්තේ දෙමටගොඩ රුවන් ටය. මෙම විමර්ශනයට අදාළව දෙමටගොඩ රුවන් මෙන්ම රුවන් ගේ පුතා ,බිරිඳ හා පුතාගේ පෙම්වතිය පවා මෙම විමර්ශන කණ්ඩායම් වල අත්අඩංගුවට පත්විය.

මුදල් බලයට යටවූ නීතිඥවරුන්ගෙ සහයෙන් ඇප මත එළියට ආ දෙමටගොඩ රුවන් තමාගේ මුදල් බලයට යට වූ ආරක්ෂක අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු අමතා තමාට එරෙහිව විමර්ශන කරන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු විමර්ශන නිලධාරීන් වහාම මාරු කරන්නයි කළ ඉල්ලීම මේ වන විට සක්‍රීය තත්ත්වයට පත්ව ඇත.

අදාල ආරක්ෂක ප්‍රධානියා සී අයි ඩී ප්‍රධානියකු අමතා මෙම විමර්ශන නිලධාරීන් වහාම මාරු කරන්නයි මෙම සතියේ නියෝග කර ඇත්තේ දෙමටගොඩ රුවන්ගේ සුවච කීකරු ගෝලයකු ලෙසිනි. පොලීසියේ ඉහලනිලධාරීන් මේ සමග තිගැස්මට ලක් ව ඇත්තේ නුදුරේදීම විමර්ශන යටපත් විමර්ශනයට පත් වේ යැයි බියෙනි..

sathya news අප වෙබ් අඩවියේ නව පාඨකයන්ට දැනගැනීම සඳහා දෙමටගොඩ රුවන් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් දේපල අතරින් රාජසන්තක කිරීමට හැකි වූ දේපල මෙසේ ඉදිරිපත් කරමු.

දෙමටගොඩ රුවන්ගේ වාහන සංචිතයට ලක්ෂ 700ක Range Rover රථයක්(WPCBK1010),WPCAD 633 ලක්ෂ 300 ) ,WPCBO 1010 BMW CAR ( ලක්ෂ 330 ) WPCBO1020 BMW ලක්ෂ 480)KA2069 ( ලක්ෂ 160)CAA 7062 ( ලක්ෂ 57), මීට අමතරව නිවසේ තිබී රත්තරන් කිලෝ එකකුත් ග්‍රෑම් 590 (වටිනාකම ලක්ෂ දෙසිය විස්සයි)සොයා ගන්නා ලදී.

දෙමටගොඩ රුවන්ගේ බිරිඳ ශානිකා නිල්මිණි දෙමටගොඩ හැටන් හැටන් නැෂනල් බැංකුවේ තාත්තා ගෙන ගිය Fix Deposit එකේ වටිනාකම එක්කෝටි පනස් ලක්යකි, රුපියල් කෝටි දෙකකි. එම බැංකු ශකාවේම දෙමටගොඩ රුවන්ගෙ පුතාගේ එක් ගිනුමක ලක්ෂ පනහකි. තවත් ගිණුමක ලක්ෂ 24 කි. තවත් එක් කෝටි විසිපන් ලක්ෂයක රත්තරන් උගස්කර රිසිට් ඇත .

මත්කුඩු ජාවාරමෙන් මොවුන් උපයා ගත් බව කියන මුදලින් මිලදී ගත්තා යැයි කියන දෙමටගොඩ අංක 259/01 ලිපිනය ඇති ගිම්හාන් Restaurant ආයතනය බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිළධාරීන් ඇතුළු බොහෝ දෙනෙකුට කම් සැප ලබා දුන් සමාජ ශාලාවකි. කොළඹ 09 අංක 259 ලිපිනය ඇති Unicorn බොලිවුඩ් සමාජ ශාලාව තවත් එකකි. බොරැල්ල කොටා පාර අංක 103 ලිපිනයේ ඇති BLUE RECENS රාත්‍රී සමාජ ශාලාව මොවුන්ට අයත් තවත් එක් තැනකි. දෙමටගොඩ අංක අනුව අංක 90 ලිපිනයේ රුවන් Gems International නමින් ආයතනයක් පවත්වාගෙන ඇත්තේ ලග්ගල ප්‍රදේශයේ ගත් ඉඩමකින් මැණික් ගරා ලැබුණු ආදායමෙන් මේ සියලු දේපල අත්පත් කරගත් බව රටට ඇඟවීමටයි නමුත් මේ සියල්ල කණපිට ගැසෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ඉන්දියානු ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුට ගත් ට්‍රෝලර් යාත්‍රාවක් මගින් හෙළි වූ කාරණා නිසාය..මෙම අයියා මලෝ කල්ලිය හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දහසකට වැඩිය මෙරටට ගෙනවිත් ජාවාරම් කර ඇතැයි රහස් පොලිසිය නීතිපතිවරයාට දුන් වාර්තාවේ සඳහන්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *