ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර රුපියල් 30ක වැනි මිලකට ලබා දෙන්නේ නම් කේක් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුහු එලෙස පවසා සිටිති.
එලෙස බිත්තර රුපියල් 30ක මිලකට ලබා දුන්න ද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත හෙළීමට හැකියාවක් නොමැති බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
මේ අතර, ආනයනික බිත්තර සම්බන්ධයෙන් ජනතාව අතර තිබෙන බිය නැති කළහොත් ආනයන බිත්තර භාවිත කර නිෂ්පාදනය කරන බිත්තර රොටි, බිත්තර රෝල්ස්, බිත්තර කොත්තු, බිත්තර රයිස් වැනි ආහාර රුපියල් 25ක් අඩු කර පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.


