වසර 10 ක් තුලදී කෝටි 800ක් ගිල දැමු සරසවි ආචාර්යවරු

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ.

එහෙත් මෙම අධ්‍යන දීමනා ලබන බොහොමයක් දෙනා තම විෂයට අදාළව පර්යේෂණ අධ්‍යන ඉදිරිපත් කර නැති අතර අවශ්‍ය කරුණු පරිශීලනය කිරීමක් ද කර නැති බව විගණන වාර්තා පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුපෙන් සියයට 30 මෙම දීමනාව වශයෙන් ගෙවනු ලබයි.

අධ්‍යන දීමනා ලබන ආචාර්යවරුන්ගේ අධ්‍යන කටයුතු දියුණු කර ගැනීම සඳහා ඔවුන් කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම නොකරන බව ද එම වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *