සම්මාන දෙන්නත් පනතක් ලගදීම

අවිධිමත් ලෙස විවිධ ආයතන මගින් ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම පිණිස පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට රජය තීරණය කර තිබේ.

විශිෂ්ට ලෙස ඇගයිය යුතු තැනැත්තන් වෙත රජය මගින් විධිමත් ක්‍රියා පටිපාටියකට අනුව සම්මාන ලබා දීම සිදු කරනු ලබන අතර විවිධ ආයතන එම සම්මාන අවිධිමත් ආකාරයෙන් පිරිනැමීම ගැටලුවක් වී ඇති බව කැබිනට් මණ්ඩලය පෙන්වා දී ඇත.

විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට එම ජාතික සම්මානවලට සමාන නමකින් යුත් සම්මාන ප්‍රදානය කිරීමේ ඉඩකඩ වළක්වමින් කටයුතු කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

එවැනි පසුබිමක ආණ්ඩුව පිරිනමන සම්මානවල ගෞරවාන්විත බව අඩුවන බව ත් එය සිදුකිරීම වළක්වමින් රජය විසින් පිරිනමන සම්මානවල ගෞරවය ආරක්ෂා කළ යුතු බව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට භාජනය වී ඇත.

ජාතික සම්මාන පිරිනැමීම 1986 වසරේ සිට සිදු කරන අතර ඒ සඳහා ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බව ත් එම නිවේදන යටතේ අවිධිමත් ලෙස සම්මාන ලබා දෙන ආයතන වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් කඩිනමින් සම්මත කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *