සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් පාරට බසියි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද (22)දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ. 

සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන කර ඇති මෙම විරෝධතාව නම් කර ඇත්තේ ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙසයි.

අද දහවල් 12  සිට එක දක්වා විරෝධතාව පැවැත්වෙනු ඇති. 

මෙම විරෝධතාවයේ විශේෂත්වය වන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සිවිල් සංවිධාන හා ජනතාවද ඒකාබද්ධ වීමයි
 
සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී මැදිවත්ත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාමේ ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසද විරෝධතාවයේදී රජයට බල කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *