දුෂ්මන්ත මිත්‍රපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ වැඩ බැලීම සඳහා ස්ථිර කොට තිබේ.
ඒ පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ලබන 26 වැනිදා හොරගොල්ලේදී පැවැත්වෙන බණ්ඩාරනායක ගුණ සමරු උත්සවය සඳහා සහභාගී වීමට ද පක්ෂය තීරණය කළ බවයි.