ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු  අත්හිටුවා තිබේ. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කැනේඩියානු පුරවැසියෙකු ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය පිළිබඳව මතුව ඇති මතභේදය ඊට හේතුවී ඇති බවයි. 

පසුගිය ජූනි 18 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණු ඔහු ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණ පුරවරසිභාවය ලබා ගත් සීක් ආගමික නායකයෙකි. 

ඒ් අනුව වීසා සැකසුම් සමාගම වන BLS කැනඩා පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *