“මට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ මෙරට පවතින ක්‍රමය විසින්”උද්දික ප්‍රේමරත්න කියයි

රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසනවා.

ඒ අනුව තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

සියලු දෙනා මෙම ක්‍රමය වැරදි බවට දන්නා බවත්, රටේ සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය යන සියලුම පාර්ශවල වැරදි ඇති බවත් ඒ හේතුවෙන් අද රට මෙවැනි තත්ත්වයකට පත්ව ඇති බවයි ඔහු සඳහන් වන්නේ.

රටේ පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් ලෙස තමන් ඇතුළු පිරිස ඉදිරියටත් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *