අද පස්වරු 03:45ට පමණ මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ.
වෙඩි වැදීමෙන් වයස අවුරුදු 06ක් වන අභිමානී තෙරුවන්දිකා දැරිය මියගොස් ඇත.
දැරියගේ පියා වන රන්කොත් විදානආරච්චිලාගේ අකිල බුද්ධික මිගාර පෙරේරා යන අය තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මිගාර පෙරේරා 2023.09.16 වන දින කොටහේන පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය වරදට අත්අඩංගුවට ගෙන අද දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාගෙන දුව හා බිරිඳ වන ඔෂාධී නුරංගිකා සමග ත්‍රිරෝද රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම අපරාධය සිදු වී ඇත.
මිගාර පෙරේරා යනු 2022 වර්ෂයේ මට්ටක්කුලිය පොලිස් වසෙම්දී තියුණු ආයුධ වලින් කපා ෆර්හාන් යන අය ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙක් බව පොලිසිය පවසයි.