ඇමෙරිකානු ‘නාසා’ ආයතනයේ අභ්‍යාවකාශ ඒජන්සිය පිටසක්වල ජීවීන් පිළිබද අධ්‍යයනය කිරීමට නව පර්යේෂණ අංශයක් නිර්මාණය කර ඇත.
පසුගිය වසරේ ඇමරිකානු අහසේ දිස් වූ හදුනානොගත් වස්තූන් කිහිපයක් පිළිබද වාර්තාවක් ඔවුන් අද ප්‍රකාශයට පත් කර තිබේ.
නාසා ආයතනයේ ප්‍රවීණයන් 16 දෙනකුගෙන් යුතු උපදේශක මණ්ඩලය මෙහි දී අවධාරණය කර ඇත්තේ, පිටසක්වල ජීවීන් පිළිබද කිසිදු සාක්ෂියක් දැනට වාර්තා වී ඇති තොරතුරු මත ලැබී නොමැති නමුත්, අභිරහස් පියාසර වස්තූන්ගෙන් ඇමරිකානු ගුවන් අවකාශයට පැහැදිලි තර්ජනයක් ඇති විය හැකි බවයි.
පෘථිවි වායුගෝලයට පිටසක්වල බලපෑම් පවතින බව ඔවුන් සම්පූර්ණයෙන්ම බැහැර කර නොමැති බව මෙම උපදේශක කමිටුව සඳහන් කරයි.
මෙම උපදේශක මණ්ඩලයට මූලික වශයෙන් පැවරී ඇත්තේ අනාගත හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තු පිළිබඳ පර්යේෂණ සඳහා නව ගවේෂණාත්මක මාර්ග නිර්දේශ කිරීමයි.