චීනයේ ආරක්ෂක ඇමති අතුරුදන් වෙයි!

එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු චීනයේ ආරක්ෂක ඇමතිවරයා වූ ලී ෂැංෆුගේ අතුරුදන්වීම ගැන ප්‍රශ්න කර ඇත.

ආරක්ෂක ඇමැති ජෙනරල් ලී සති කිහිපයක පමණ කාලයක සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර රැස්වීම් කිහිපයක්ම මගහැර ඇති බව වාර්තා වේ.

ජෙනරල් ලී මෙලෙස අතුරුදන්ව සිටින්නේ, ඉහළ හමුදා නිලධාරීන් කිහිපදෙනකු මෑත කාලීනව තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසුවය.

එක්සත් ජනපදයේ සහ චීනයේ මූලාශ්‍ර උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නලය අද වාර්තා කළේ ලී ඔහුගේ තනතුරෙන් ඉවත් කර ඇති බවයි.

චීනයේ විදේශ ඇමති ක්වින් ගන්ග් අතුරුදහන් වී මාස කිහිපයකට පසුව මෙලස ආරක්ෂක ඇමැතිවරයාද අතුරුදන්ව ඇත.

ක්වින් ගන්ග් වෙනුවට මෙතෙක් එම ධූරයට වෙනත් අයකු නම්කර ඇති බවක්ද වාර්තා වන්නේ නැත.

ජෙනරල් ලීගේ සිද්ධියේදී ද පෙර සිදුවීමේදී මෙන්ම චීන රජය වැඩි යමක් පවසා නැත.

මේ සතිය මුලදී ඒ ගැන විමසූ විට, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් කියා සිටියේ “තත්වය පිළිබඳව තමා නොදන්නා” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *