සජබ ‘දිනන ඇරඹුම’ හෙට මාතරින්…

සමගි ජන බලවේගයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහන ‘දිනන ඇරඹුම’ නමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හෙට සහ අනිද්දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ සංවිධායකවරු එක්වන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මෙම වැඩසටහනට සමගාමීව පක්ෂයේ ශාඛා සමිති , කාන්තා සමිති , තරුණ සංවිධාන පිහිටුවන වැඩපිළිවෙළ ආරම්භ කරන බවද මහලේකම්වරයා සඳහන් කරයි.

මාතරින් ඇරඹෙන ‘දිනන ඇරඹුම’ සමාජික ප්‍රවර්ධන වැඩසටහන ඉදිරි කාලයේ දී රට පුරා දියත් කරන බවත්, සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පිහිටුවා අවසන් බවත්, ඕනෑම අවසථාවක පක්ෂය මැතිවරණයකට සූදානම් බවත් මහලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *