නාමල්ට එරෙහි පැමිණිල්ල යළි කැඳවීමට අධිකරණය නියෝග කරයි!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කර තිබෙනවා.

එම පැමිණිල්ල අද කැඳවූ අස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 15 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද පොලිසියට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *