රත්මලාන දුම්රියපොල ආසන්නයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල…

රත්මලාන දුම්රියපොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා නිවසින් පිටතට රැගෙන ගොස් ඇති බවයි.

අනතුරුව අතුරු මාර්ගයකදී ඔහුගේ පාදවලට වෙඩි තබා සැකකරුවන් පළාගොස් ඇත.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව, පොලීසිය සඳහන් කළේ ය.

එලෙස තුවාල ලබා ඇත්තේ, ‘වැල්ලේ අමල්’ නමින් හඳුන්වන 34 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය පැවසුවේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *