වෑඋඩ පුරාණ කන්දෙ විහාරයේ ඝණ්ඨාරය හොරු ගනියි!

මාවතගම වෑඋඩ පුරාණ කන්දෙ විහාරයේ ඝාණ්ඨාරය සොරකම් කළ පුද්ගලයකු මාවතගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගලගෙදර උණපතයාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු බව වාර්තා වේ.

වසර තුන්සියයක් පමණ පැරණි මෙම ඝාණ්ඨාරයේ බර කිලෝ අසූවක් පමණ වන බව පොලීසිය අනාවරණය කරයි.

සොරාගත් ඝාණ්ඨාරය සහ අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *