මින්නේරිය රොටවැව ගල්ඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
මාමා විසින් බෑනාට මෙලෙස වෙඩි තබා ඇති අතර, පෞද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇති බව, පොලිසිය පැවසීය.
වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුවද පොලිස් භාරයට ගෙන තිබේ.