නිවසේ දියුණුවට යාතිකාවක් කරන්න ගිය කට්ටඩියා අයුතු යෝජනාවක් නිසා ඝාතනය කරයි

මොරගහහේන තලගල ප්‍රදේශයේ නිවසක් තුළදී කට්ටඩියකු ලෙස යාතුකර්ම සිදුකරන පුද්ගලයකුව තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර තිබේ.

ඔහු මොරගහහේන, කිරිවත්තුඩුව, යකහලුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

පොලීසිය පැවසුවේ කාන්තාවක ඇතුළු සිව්දෙනකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය.

පහරදීම සිදුකළ අයුරු අසළ සිටි අයෙක් විසින් රූපගත කර ඇත.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුව පොලීසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා කට්ටඩියෙකු ලෙස සැකකරුවන්ගේ නිවසකට ගොස් මීට දින කිහිපයකට ඉහතදී එම නිවසේ දියුණුව සඳහා යාතිකාවක් සිදුකර ඇති බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත.

එම අවස්ථාවේදී කට්ටඩියා සිදුකළ අයුතු යෝජනාවකට එම නිවසේ කාන්තාව අකමැතිවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව එම නිවැසියන්ට නොයෙකුත් කරදර දෙන අන්දමේ යම් දෙයක් කට්ටඩියා විසින් සිදුකළ බව පවසමින් ප්‍රධාන සැකකරු ඊයේ (18) සවස තවත් පිරිසක් සමග පැමිණ සිදුකළ පහරදීමකින් කට්ටඩියා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *