සේවක අර්ථසාධක අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරයි

අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *