පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකග වන්නේ නම් මත්පැන් දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදවා ගැනීමටත්,ජාවාරම්කරුවන්ට හා ඔවුන් හා සම්බන්ධ රජයේ නිලධාරීන්ට නිසි දඬුවම් ලබාදීමටත් පුලුවන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව රැස්වු අවස්ථාවේ දීය.
VIP වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපලින් රත්රන් ගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමෙින්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ අප රට මත්පැන් දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදවා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකග වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එසේම දුම්කොළ සහ මධ්‍යසාර හා දුම්වැටි සම්බන්ධ බදු ගැන කතා කරන විට මහාපරිමාණ දුම්කොළ හා දුම්වැටි ව්‍යාපාරිකයන් මෙම බදු සකස් කරන නිලධාරීන් අල්ලා ගෙන සිටින බවත් කවුරු බලයට ආවත් මෙය හරියට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තිබෙන බවත් නිලධාරීන් සුළු පිරිසක් මෙම සමාගම්වල අතකොලු බවට පත්ව ඇති නිසා එය හරියට ක්‍රියාත්මක නොවන බවත් පාර්ලිමේන්තුවේ 225 දෙන එකට එකතු වුවහොත් මෙම ක්‍රමය බිද දා නිවැරදි ලෙස මත්පැන් දුම්කොළ හා දුම්වැටි වලින් තොර සමාජය ක් නිර්මාණය කළ හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
තවද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එලියේ සිටිනවාට වඩා සිරගෙයි සිටින විට වැඩිපුර ජාවාරම සිදු කරන බැවින් මොවුන්ට විරුද්ධව සිංගප්පූරුවේ ගන්නා ක්‍රියාමාර්ග ගත යුතු බවත් දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් මේ තුළින් පාසල් පද්ධතිය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
2023-09-28