මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන සතියේ සිට…

ලබන මස 5 වැනි දා සිට මහ කන්නයේ වගාවන් සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, පළමුවෙන්ම කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බවයි.

මේ හරහා මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට ජලය සැපයෙනු ඇති.

නිලන්ත ධනපාල මහතා වැඩිදුරටත් පැවසුවේ, නොවැම්බර් 1 වැනි දින සිට මහවැලි අධිකාරියට අයත් සියලුම ප්‍රදේශවලට වාරි ජලය නිදහස් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *