2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩ්ස් , කුසල් ජනිත් , පැතුම් නිශ්ශංක , දිමුත් කරුණාරත්න , චරිත් අසලංක , ධනංජය ද සිල්වා , සධීර සමරවික්‍රම , කසුන් රාජිත , දුනිත් වෙල්ලාලගේ , මතීෂ පතිරණ , ලහිරු කුමාර ඇතුළත් කර තිබෙනවා.
වනිඳු හසරංග , මහීෂ් තීක්ෂන , දිල්ෂාන් මදුෂන්ක , ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කිරීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ඇතුළත් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.
