ඉන්දියාව 2023 ආසියානු කුසලානය දිනා ගනියි!

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (17) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගය කඩුලු 10 කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක්, Hardik Pandya කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම 7 වන පන්දුවාරයේදී කිසිඳු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ඒ අනුව 2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *