ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට සුදුසුකම් ලබයි!

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය ලකුණු 2 කින් ජය ගැනීමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක්, පැතුම් නිස්සංක ලකුණු 41ක්, චරිත් අසලංක ලකුණු 36 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Gulbadin Naib කඩුලු 4 ක් හා Rashid Khan කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.1 පන්දුවක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට අසමත් වූ අතර ඒ හේතුවෙන් ඔවුන් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට අසමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *