චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය පරදවා කඩුළු 08ක විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්තය හමුවේ ජයක් ලැබුවේ වසර 10කට පසුවය.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි20 තරග රටාවේදී එංගලන්තය පරාජය කළ පළමු අවස්ථාවද වේ
මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 104ක් පමණි.
ශ්‍රී ලංකාව පන්දුවාර 13.2 කදී කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය හඹා ගිය අතර, නායක චමරි අතපත්තු පන්දු 31කදී ලකුණු 55ක් ලබාගත් අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30 ක් ලබාගත්තේ ජයග්‍රාහී ලකුණ 6 පහරකින් වාර්තා කරමිනි.
මෙම ජයත් සමඟින් දෙරට අතර එංගලන්තයේදී පැවත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ලෙස සම තත්ත්වයට පත්වී තිබේ.


