ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Dambulla Aura කණ්ඩායම පරාජයට පත් කරමින් B-Love Kandy කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
B-Love Kandy කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට විසින් දරනු ලැබීය.
ඒ, පෙරේදා (19 ) Galle Titans කණ්ඩායම සමග පැවති අවසන් වටයේ තුන්වන තරගයේදී වනිඳු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙනි.
තරගයේ කාසිය වාසිය දිනා ගත් Dambulla Aura කණ්ඩයම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව, Dambulla Aura කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය.
ධනංජය ද සිල්වා ලකුණු 40ක් රැස් කළ අතර පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා ලකුණු 25කට කඩුලු දෙකක් බිඳ දැමීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ 5 වන පන්දුවේදී තමන්ට නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් රැස් කළ අතර මොහමඩ් හාරිස් ලකුණු 26ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය සදහා රැගෙන ගියේ ය.
පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් නූර් අහමඩ් කඩුලු 3ක් සහ බිනුර ෆර්නැන්ඩු කඩුලු 2ක් දවා ගනු ලැබීය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයටය පැමිණ සිටියේ ය.


